ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Friday, April 12, 2013

වර්ණභේද වාදය අස්සෙ සිංහල අවුරුදු


වර්ණභේද වාදය සෑහෙන කාලයක් තිස්සේ ලෝකයම කම්පිත කරවන්න පුළුවන් වෙච්ච සිද්ධියක් තමයි. හම කළු අය සහ තමන් ඉහලයි කියලා හිතපු සුදු ජාතිකයො අතරෙ වෙච්ච ගැටුම..පීඩිතයන් වෙච්ච කළු ජාතිකයන් කාලයක් තිස්සේ තමන් සුදු ජාතිකයන්ටත් වඩා ඉහලයි කියලා ලෝකෙටම පෙන්නපු අතීතයක් තිබ්බ අපේ ලෝකෙ..අන්තිමේ ලෝක පොලිස් කාරයා වෙච්ච ඇමරිකාවෙත් ලොක්කා දැනට කල්ලෙක්නෙ..

හරි මොකටද මෙතනට මේ කළු අය ගැන කතාන්දරයක්..?

මන් කියන්නෙ කළු අයට ඉන්න තැන මූනට හිනා වෙන්න හොඳ නෑ..අපි වගේ තළ එළළු අය..ඒක හරිම කැත පුරුද්දක් කියලයි මට හිතෙන්නෙ..හරි ඉන්න තැන මූනට හිනා වෙන්න හොඳ නැති උනාට රටේ දීපංකරේ අහල පහල නැත්නම්..මෙන්න මෙහෙම සිද්ධ උනු දෙයක් කියලා හිනා උනාට මක්කා වෙනවද අප්පා ?!

මේ හාදයා කොයිතරම් කළුද කියනවා නම් හිනා වෙන කොට සුදු දත් ටිකෙන් තමයි මෙයා ඉන්නවා කියලා පෙනෙන්නෙ...මෙහෙම කියන කොට අපේ බ්ලොග් ලියන මූනු පොතේ අයට තව හාදයෙක් මතක් වෙයි අර ලාංකීය එක කරන...ඒ කාලෙ බ්ලොග් එකක් ලිව්ව නිකං වැප්නි වගේ නමක් තියෙන හාදයෙක්ව...මේ ඒ හාදයාට වෙච්ච දෙයක් නෙවෙයි.. 

මතකද අපේ ඉතිහාසයේ මහ කළු ගල් උස්සපු සිංහලයො හිටියා කියලා...මේ ඊයෙ පෙරේදා වගේ අතීතයේ මහ කළු ගල් පර්වත උස්සන්න ගිය හාදයෙක් වගේ කාට හරි මතකයක් තියේ නම් එයාට තමයි මම මේ කියන සංගදිය වෙලා තියෙන්නෙ !  තමයි..මෙහෙම කියලත් තේරෙන්නෙ නැති ටියුබ් ලයිට් ඉන්නවා නම් කොස්සෙන් ඇනලා පත්තු වෙන්නෙ නෑ..

බොහොම මෑතකදි මේ හාදයට උණ, ඔළුවෙ කැක්කුම, ඇඟේ අමාරුව වගේ දහසක් ලෙඩ හැදිලා රාත්‍රී ජාමෙ ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ගිහින්. හාදයගේ ආදරණීය ඇඹේනීයත් එක්කමලු ගිහින් තියෙන්නෙ.. 

වෙලාව කියන්නෙ ඔය වෙලාවෙම විදුලි බලය ඇන හිටලා..පැත්ත පළාතම කට්ට කළුවරයිලු..ඒත් ඩොක්ටර් ඉන්නවලු ඉටිපන්දමකුත් පත්තු කර ගෙන ඒ එළියෙන් තමන්ගෙ රාජකාරිය කරමින්.. එන ලෙඩ්ඩුන්ට බෙහෙත් දිදී..දැන් මෙයාගෙ වාරෙ ආවහම බිරින්දෑත් ඉස්සර කරගෙන ඩොක්ටර් ළඟට ගිහින් ලෙඩ්ඩු ඉන්දවන පුටුවෙ ඉඳගෙන බිරිය ලෙඩ විස්තරේ කියනවලු..මොකද මේ වෙලාව වෙනකොට මේ හාදයට කොයි තරම් අමාරුද කියනවා නම් කටක් ඇරලා වචනයක් කතා කර ගන්නත් බැරි සයිස් එකක්ලු තියෙන්නෙ..

ඔව් ඔව් "ලු" ප්‍රත්‍යයෙන් තමයි කියන්ඩ වෙන්නෙ..නැතුව මං එතන ඉඳන් බලන් හිටියෙ නෑනෙ..එතන හිටි නර්ස් නෝනා තමයි කිව්වෙ..

"ඩොක්ටර් දැන් ඊයෙ ඉඳන්ම ඔළුව රිදෙනවා..ඇඟ රිදෙනවා..උණ කන්ඩ අප්පිරියයි කියලා දවසම නිදා ගෙන හිටියෙ ඩොක්ටර්"

බිරිඳ මෙහෙම කියනකොටම සීරියස් ලුක් එකක් ගත්ත ඩොක්ට උණ කටුවක් අරන් එබුවලු අර බිරින්දෑගේ කටේ..ස්ටෙතස් එක අරන් ,

"හා හොඳට හුස්ම ගන්ඩ.."

කියලා දීපව... සොරි සොරි මේ අර බිරින්දෑව චෙක් කරන්ඩ ගත්තලු...

"ම්හ්හ්හ්හ නෙහෙයි දොත්ට.."

"ච්ච්චක්..ඔය උණ කටුව කටේ තියා ගෙන කථා කරන්ඩ එපා ළමයා පොඩ්ඩක් ඉන්න චෙක් කරන කන්.."

ඩොක්ට පොඩ්ඩක් සැරෙන් කියන කොටම,

උණ කටුව කටෙන් එළියට අරගෙන මෙයා කියනවලු,

"ඩොක්ට මට නෙවෙයි ලෙඩ තියෙන්නෙ මෙයාට . මේ මගේ හස්බන්ඩ්"

කියලා අර හාදයව පෙන්නුවලු..

"ඈහ්..කෝ මෙතන තව කෙනෙක්...මට පේන්නෙ නෑනෙ.."

ඩොක්ට කන්නාඩි කූට්ටම හොඳට පිහදමලා බැලුවලු ලෙඩා වාඩි වෙලා ඉන්න පුටුව දිහා..

"ඩාලිං පොඩ්ඩක් හිනා වෙන්නකො මේ ඩොක්ටට ඔයාව පේන්නෙන් නෑනෙ"

මල පැනපු හාදයා කියනවලූ..

"මට හිනා වෙන්න තරම් සනීපයක් නැති නිසානෙ මෙතනට ආවෙ..යන් යන්ඩ අපි ලයිට් තියෙන ඩොක්ටර් කෙනෙක් ගාවට"

කියලා එතනින් එලියට ආවලු..

වෙලා තියෙන්නෙ අර යාන්තම් අඳුර මකන්ඩ තිබ්බ ඉටිපන්දමේ එළියට මේ වයසක ඩොක්ටට මේ හාදයව පෙනිල නෑ...හිතා ගන්ඩකො කොයිතරම් කළුද කියලා.

ඔය වගේ සිද්ධීන් ගනනාවක්ම තියෙනවා..

එක දවසක සංචාරයක් ගිහින් මහ රෑ ජාමෙ වෑන් එකේ හැටට හැටේ එනවලු (ඔව් ඔව් ගාමිණි අයියෙ ඒ වෑන් එක තමයි...) ..අතරමඟ ට්‍රැෆික් පොලිස් දෙන්නෙක් අර වේගය මනින ගැජට් එකක් පාරට දික්කරගෙන බලන් ඉන්නවලු..

"අම්මට සිරි 80යි ස්පීඩ් එක අත දාපන් අත දාපන් නවත්තපන් වෑන් එක"

ට්‍රැෆික් පොලිස් තමන්ගෙ සගයට කිව්වලු..

ඊට තත්පර ගනනාවකට පස්සෙ වෑන් එකේ දෙබස මෙහෙමයි..

"ඇයි අනේ අර රාලහාමි වැන් එක නවත්තන්න කියලත් ආයි යන්ඩ කියලා සිග්නල් එක දීලා දෙන්න එක්කම දිව්වෙ..ඔයා හයි ස්පීඩ් ආවත් එක්කනෙ"

"අනේ මන්දා අපේ ලක් එක වෙන්ඩ ඕනි"

හති දම දමා දුවන පොලිස් රාලහාමි පස්සෙ දුවන අනිත් රාලහාමි,

"ඇයි බන් නවත්තන්න කියලත් ආයි යන්ඩ කියලා සිග්නල් දීලා උඹ දුවන්න ගත්තෙ?...අර @##$%^$ හයි ස්පීඩ්නෙ ආවෙ"

"හ්හ හ්හ...හ්හ...උඹ දැක්කද ඩ්‍රයිවිං සීත් එකේ කවුද ඩ්‍රයිවිං කරන් ආවෙ කියලා?"

"නෑහ්"

"ඒකම තමයි යකෝ මන් යන්ඩ කියලා දිව්වෙ...වාහනෙ 80 ට පාගලා ආවට ඩ්‍රයිවිං සීට් එකේ කවුරුත් හිටියෙ නෑ..අනිත් සීට් එකේ හිටියෙ සුදු ලස්ස්න නෝනා කෙනෙක්..පහු කරන් ආවෙ අර ප්‍රසිද්ධ කනත්තනෙ බන්"

මේක අහපු අනිත් රාලහාමි තමන්ගෙ සගයත් පහු කරන් දිව්වලු..
පව් අඩ අඳුරෙ ඩ්‍රයිවිං සීට් එකේ හිටපු අපේ සගයව පෙනිලා නෑ රාලහාමිලා දෙන්නටම..ඒ දෙන්නා පවු නේද ?

තව දවසක මේ හාදයා තමන් උගන්වන පාසලේ ළමයින්ට ඉංග්‍රීසි උගන්නවලු..අර අපේ සිංහල වල තියෙන්නෙ හිම වගේ සුදු...අයිස් වගේ සීතල..වගේ වාක්‍යාංශ..ඉංග්‍රීසියෙන් ඔය සිමිලීස් කියන්නෙ අන්න ඒවා ඔව්වා ගැන උගන්වලා

"හා ළමයි එහෙනම් කියන්ඩ මන් මේ කියන ඒවට උත්තර වෙන්න ඕනි මොනාද කියලා"

Teacher : - As big as ?

Students : - An elephant.

Teacher :- As blind as ?

Student :- "a bat"

Teacher :- As white as ?"

Students :- "Snow"

Teacher :- As Black as"

Students :- "our Henry sir !"

අර ගාමිණි අයියා ගැන කිව්වහම එයාගෙ අර අහිමි වනමං පොතේ තියෙන සිද්ධිය..ඒකත් හැබෑවටම වෙලා තියෙන්නෙ..ගාමිණි අයියා දීපු සිග් සැග් ක්‍රමේට දිව්වහම පස්සෙන් පන්නන් එන අලියෙක්ගෙන් බේරෙන්න පුළුවන් උපදෙසට නෙවෙයිලු මෙයා බේරිලා තියෙන්නෙ..කොටින්ම කියනවනම් තමන්ගෙ හොඬවැල ළඟම හිටපු කෙනාව මේ අලියා දැකලා තියෙන්නෙ..බොහොම පස්සෙ අනිත් අයවත් පන්නලා බය කරලා මේ ගොල්ලො මොනවද කථා කරන්නෙ කියලා එතන තිබ්බ මහ අකුලට වෙලා හැංගිලා බලන් ඉන්න කොටලු..එයාලා ඒ කතාව හක හක ගාලා හිනා වෙවී තමන්ගෙ පැටවුන්ටත් කියනවයි කියන්නෙ..බොරු නම් අහන්න මේ ළඟදි අනාථ වෙලා පින්නවලට ගෙනාපු අලි පැටියෙක්ගෙන්..


මෙච්චර කරුණු කාරනා සාක්ෂිත් එක්කම කියලත්...

"හනේ මූ කෙලින කෙබර !!!!"

කියලා කම්මුලේ අත තියා ගෙන ඉන්න පිංවතුන්ට තමයි මේ ෆොටෝ එක දාන්නෙ..මේ පහු ගිය දොහක අර කීව හාදයා අපේ ඔෆිස් එකට ආපු වෙලාවක මන් ගත්ත ෆොටෝ එකක්...



දැන්වත් පිලිගන්නවනේ ?!!!



ඔහොම තව කතන්දර හැටහුටහමාරක් තියෙනවා..බලමු ආයි වෙලාව හම්බ වෙන වෙලාවට...එන ට්‍රෙන්ඩ් එකත් බලලාම...දෙඥ්ඥං !

එහෙනම් අළුත් අවුරුද්ද සමරන සියළුම දෙනාට..

සතුට සාමය සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා !

51 comments:

  1. අයියෝ හිනා වෙලා බඩ රිදෙනවා.කලිසමක් ගැන කියපු එකට ඔහොම රෙදි ගලවන්න වටින්නේ නැහැ ලියන්නා අයියේ.පව් අෆ්ෆා අපේ හල්ක්

    :D :D මඩ බාල්දියයි

    ReplyDelete
    Replies
    1. කමක් නෑ මල්ලි..සිද්ධ වෙච්ච දේ ලියන්න මැලි වෙන්නෙ ඇයි නේද ?

      Delete
  2. චැහ්.. බොහොම කැතයි.. මම මේ වර්ණබේදවාදී ප්‍රාකාශ පිළිකුලින් යුතුව හෙලා දකිනවා... :D

    සුබ අළුත් අව්රුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් සෙන්නා පරිස්සමින් ඔව්වා හෙලා දකින්න වෙයි ...ආයි පස්සට පහු නොකීවයි කියන්ඩෙපා !

      Delete
  3. ඇත්තටම මචං මාත් මේ දහ අතේ කල්පනා කරන්නේ කවුද මේ උඹ කියන
    හිනාවෙනකොට දත් විතරක් පේන,
    කලු ගල් උස්සන,
    වයිෆ්ගෙ නම් දීපා වන,
    වෑන් එකක් එලවන,
    ඉංග්‍රීසි උගන්නන,
    කලු නිසාම අලියගෙන් බේරුන,
    අපේ වෙනියා හම්බවෙන්නත් යන,
    කලු බුවා කියලා. :-O

    මට මේක හෙන බට ලයිට්.

    මම තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනෙ.

    පස්සෙ ඇවිත් කමෙන්ට් බැලුවම මම හිතන්නේ අදහසක් ගන්න පුලුවන් වේවි.

    අනික උඹ මේ රිසර්ච් පේපර් එක ලියන්න වෙච්ච මහන්සිය, ෆෝටෝ කලු කරන්න වෙච්ච මහන්සිය, හෙම අපතේ යන්න දෙන්න හොඳම නෑ.

    කෙසේ වෙතත් උඹටත් සුභ නව වසරක් වේවා. :)

    ReplyDelete
    Replies
    1. රිටන් එකක් දීල නේද ඩූඩ්...

      Delete
    2. වෙනිය සුද්දෙක් වගේ සුදුද ඩූඩ්

      Delete
    3. උබ වගේ නෙවෙයි බන් උගේ දත් ටික හරි සුදුයි නේ.............(මහා කළු සිංහලයා)
      පව් නේ

      Delete
    4. අඩේ අපේ වෙනී මාමා දීල දොඹේන්ම. යකඩෝ මෙහෙමත් මඩ ගහනවද කැත වැඩක් අප්පා. තරයේ හෙලා දකිනවා මේ වගේ වැඩ වහ කාලා කැලේ රිංගන්න හිතෙන්නේ.
      Teacher :- As Black as"

      Students :- "our Henry sir !"

      මෙන්න මේකම තමයි මගේ සිත්ගත් කොටස මඩත් දීලා තියෙන්නේ ක්‍රමේකට. හික් හික් හික්

      Delete
    5. @ Ayilas A: උඹ කිව්වා නේද මැන්‍යුවලි වයිට් බැලන්සිං කරනවා නම් ඉස්සෙල්ල සුදු කොලේකට zero කරන්න ඕනෙ කියලා. වෙනියාව ගත්තෑකි ඒ සුදු කොලේ වෙනුවට. :D

      Delete
    6. කවුද මන්දා ඔය කීන කලු බුවා අයියෙ ?!
      ආන්න හැලපයියෙ සහ අයිලාස් මේ හෙන් රි අයියා කියන දේ පිලිගන්න එච්චරයි !
      ඔව්වා ඉතින් ඉල්ලලා නෙ ගත්තෙ කෝරලෙ මහත්තයා මන් මක්කා කොරන්ඩද ?

      Delete
    7. @ හෙන්රි

      වෙනියව මිට පස්සේ වයිට් බැලන්ස් කරන්න ගමු මචං.

      @ වෙනි
      හරි හරි උඹ සුදු එකා.

      Delete
  4. මඩක් මඩක්.. රියල් මඩක්.. පවු අප්පා අර පොලිස් කාරයො දෙන්නා... :ඩී

    ReplyDelete
    Replies
    1. ආ සුභම සුභ නව වසරක් වේවා!!

      Delete
    2. ආන්න බලන්න චින්තක හරි ඉන්නවා නෙ අර පොලිස් මාමලා දෙන්නා ගැන හිතන !

      Delete
  5. දවල්ට බලන්නත් ටෝච් එකක් ඔන වෙන ජාතියේ (අපි නොදන්න) පොරක් ගැන වෙන්න ඕන මේ ලියලා තියෙන්නෙ... ;)

    "නෝ පොලී-හරි ජොලී" කියලා හිතාගෙන තමයි මඩ පාර දෙන්න ඇත්තෙ ඔය හම්බවෙලා තියෙන්නෙ ප්‍රතිශතය හිතාගන්නත් බැරිවෙන තරමට ම....:D

    එහෙනම්..සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ආන්න හරි සුමිත්..ඒකම තමයි උනේ...

      Delete
  6. අනේ වෙනියෝ මම හිතුවේ නැහැ උඹ ඔය කලිසම් කතාව නිසා ඔච්චර මඩක් ගහයි කියලා. කොහොමින් කොහොම හරි අන්තිමේදී නමත් කියලා තියෙනවා නේ.

    එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අනේ අයිලාස් ඉතින් ඔය නමින් ඔය අයියා ඉතරයෑ ඉන්නෙ ඉතින් ?! :-D

      Delete
  7. Replies
    1. Yes Kathandara, Yes . Why not ? and so what ?
      It is allowed ! accepted ! granted ! entitled ! privileged ! suitable !
      සුදීක මල්ලිට ලාබෙට වැටකනු ටිකක් හම්බුවෙලා තියෙන්නෙ ! ඔව්වා තියා ගන්න වත්ත වටේ...වැරදුනා සමකය වටේ ගහ ගන්ඩ !

      Delete
  8. ඔය අන්තිමට දාලා තියෙන පොටෝ එක ගත්ත එකානං මට කිව්වේ මේ ලිපිය ලිවුව එකත් ඔතනම හිටියා කියලා... ඒත් බං කෝ දැන් ඌ..? මේකාගේ බාලයක් හරි පේනවා..එතකොට අර අනිකා..?

    ReplyDelete
    Replies
    1. ඒකනං හිනා උනත් පේන්නෙ නෑ කියල තමයි ආරංචිය.

      Delete
    2. අනිකා කොයිතරම් සුදුද කියනවානම් ෆොටෝ එකේ පේන්ඩවත් නෑ..ප්‍රසා මල්ලි තාම දැකලා නෑනෙ !

      Delete
  9. අෆිත් කලුයි තමා හරිය..?

    ReplyDelete
    Replies
    1. අපි විතරක් තල එලලුයි !

      Delete
  10. වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා.

    ReplyDelete
    Replies
    1. මල්ලි තාම ඊයෙද ඉන්නෙ ? මෙව්වා බුලට් පෲෆ් වීදුරු ! ගල් ගහන්න නෙවෙයි උවමනා උනොත් වෙඩි තියන්නත් බය නෑ !

      Delete
  11. මේක දැක්කම නං හිනාකාල මැරෙනවෝ... හයියෝ ඩූඩ්... එහෙනං වෙනියෝ සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඒත් ඔය හාදයා ලංකාවට ආවහම එහෙම හිනා වෙන්න එපා නලින්..හරි දරුණුයිලු කේන්ති ගියහම !

      Delete
  12. හිකිස්...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. කවුද මේ හෙන්රි සර් කියන්නෙ.

    වෙනි අයියත් දෙන්න ගියාම හොඳම එකෙං දෙනව නේද?

    සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ප්‍රසා මල්ලි කවුද මන්දා ???

      Delete
  14. කොහෙද අනේ කලු පාට කෙනෙක්ගේ ෆොටෝ එකක් තිබුනේ. දැක්කේ නෑනේ...හී හී...

    වෙනීටත් සැපෙන්, සතුටින් පිරි සුබ නව වසරක්!!!

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකනේ පොඩ්ඩි, ඒකෙන්ම තේරෙනවනෙ මන් කිව්වෙ මොකද්ද කියලා !

      Delete
  15. http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/535750_4036191322096_908010658_n.jpg

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි !

      Delete
  16. හකේ මෙහෙම මඩක් කොහොම උනත් මේක දැක්කම මට මතක් උනේ වෙනි මාමගේ තර්ජනේ. අනේ පින්වත් මාමේ සුදු මාමේ අපි අහිංසක ළමයි හොඳේ. අපි ඔය මඩ වලින් බේරිලා ඉන්න වැදගත් උදවිය :P මේ සිරාවට මේ කතාවේ මුලදීම තමයි තේරුනේ අපේ ඩුඩ් අයියගේ තමයි රෙදි ගැලවෙන්නේ කියාලා.:D

    ReplyDelete
    Replies
    1. ඉස්සරහදි මොනායින් මොනා වෙයිද කියලා කියන්ඩ පුලුවන් කාටද මල්ලි ?

      Delete
  17. හපෝයි දෙය්යනේ මොනවා කියනවද කියලා හිතාගන්න බෑ ...! ‍රැවුලත් ඕනෑ .. කැඳත් ඕනෑ ...!

    ලැබුවා වූ නව වසර සුබම සුබ වේවා මලේ ...!

    ReplyDelete
    Replies
    1. අයියා ආයි පොතක් ලියන කොට මගෙන් අහන්න කරුණු කාරනා ටිකක් මාත් කියන්නම් ! :-D

      Delete
  18. පොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. දීපු ණය ලැබෙන සුබ නව වසරක් ඔබටත් !

      Delete
  19. හිකිස්.. වෙනී මඩ එක්ස්පර්ට් කෙනෙක් වෙලානේ... :D

    ReplyDelete
  20. අනේ මන්දා මමත් මේ වර්ණ භේදවාදට විරුද්ධයි..

    ReplyDelete
  21. සහතිකයි වෙනි අය්යේ, අහක ඉන්න පොලිස් මාමල අතඇරපන්කො, මටත් ඕකම උනානෙ. මම ගිහින් වෑන් එකට එබිල" කෝ අක්කෙ අය්ය " කියල අහනකොටම මෙන්න ටෝච් පාරක් වැදුන වගේ දත් ටිකක් පෙනුන.

    ReplyDelete
  22. රෙදි ගැලවෙන්න දීල තියෙන්නෙ.

    ReplyDelete
  23. හෙන් රී යාට දැලි ගැවා කියල වැඩක් තියනවයැ, ඌට ගාන්න ඕන සුදු හුණු !! අම්මප මූ බ්ලැක් හෝල් එකක් වගේ නෙව. අඳුරගන්න වෙන්නෙ බැක්ගරවුන්ඩ් එකේ තද එලියක් තිබුනොත් විතරමයි.

    ReplyDelete
  24. හයියෝ සල්ලි....

    ඔය මනුස්පයා මාත් දවසක රෑ දැක්කේ ටෝච් ගහලා...... :D

    (හැබැයි මේක CTK රහස් පරීක්ෂක තරම් ගතියක්නම් නෑ.....)

    ReplyDelete