ආවට ස්තූතියි

මේ පැත්තෙ ආවාට බොහොම ස්තූතියි. නැත්නම් කමෙන්ට් කරන අයට විතරයිනෙ පුද්ගලිකව ස්තූතියි කරන්න හම්බ වෙන්නෙ !!

Sunday, August 28, 2011

කන්න ගියා.. ඉතින් කෑවද ??? (පාට් 01 - කවුද ඩෝ පාට් දමන්නෙ?)

ටිකක් වෙනස් විදියේ ලිපියක් තමයි මේක..

පහුගිය සිකුරාදා ඉඳන්
BMICH එකේ තිබුනා ෆූඩ් ගැන ප්‍රදර්ශනයක්.ProFood Propack. සහ කෘශිකාර්මික ප්‍රදර්ශනයක් AgriBiz.. දෙකම එකට තිබුනෙ. අද ඉරිදා හවස් ජාමෙ ඉන්න ගමන් ඕකට යන්න මන් පැලෑනක් ඇඳ ගෙන්මයි තිබුනෙ.. කොහොමත් එතන තියෙන සේරම වගේ ප්‍රදර්ශන බලන්න මම යනව. එක හේතුවක් තමයි.. මගෙ වැඩ කරන තැනට අල්ලපු වැටේ නෙ පොට් එක.. ඉතින් ඔෆිස් අහවර වෙලා මන් යනව එතෙන්ට..ඒත් සිකුරද හෝ සෙනසුරද යන්න බැරි උන නිසා..තමයි අද යන්නෙ සෙට් උනෙ..

එතන සේරම වගෙ ප්‍රදර්ශන බලන්න යන එක ගැන මගෙ සෙට් එක කියන්නෙ
"උඹට නම් ඉතින් යන්න බැරියැ..දවස් ගානෙ උනත් උඹලගෙ ඔෆිස් එකේ ඉඳන් පය පැටලිල වැටුනත් වැටෙන්නෙ BMICH  එකටනෙ.. "

ඒ කතාව ඇත්ත තමයි.
BMICH එකයි අපේ ඔෆිස් එකයි වෙන් වෙන්නෙ මලලසේකර මාවතෙන්..

ඇතුල්වීමේ ටිකට් එක නම් රු40ක්.. ඒ උනත් ඒ ගාන පාඩු නැහැ කියල ඉස්සර ගිය ප්‍රදර්ශන වලින් අත්දැකීම් තියෙනව.. යන තැනම තිබුනෙ කෘශි ප්‍රදර්ශනෙ...බීජ වර්ග, පොහොර, රසායනික සහ යන්ත්‍රෝපකරන.. ඔය තියෙන්නෙ එතන තිබුනු පිපිඤ්ඤා සහ තව භෝග වගාවන් සමග නරඹන සෙට් එකක්..




මීට අමතර විශාල වශයෙන් මල් හා විසිතුරු ගස් වැල් විකුනන්න තිබුනා..මන් එව්වත් බලා ගෙන යනකොට.. මේන්න යන්ත්‍රෝපකරන..එව්ව එක්ක හිටිය කට්ටිය තමයි ඔය..




ඔය ට්‍රැක්ටර් එකේ ඉන්න බබාගෙ තාත්ත ඉන්නව ඒත් ඔතන මැද තියෙනකණුවට වැහිලයි ඉන්නෙ.. ෆොටෝ එක එඩිට් කරද්දි තමයි දැක්කෙ මෙකෙ නිකන් පෙනෙන්නෙ.. මේ පොඩ්ඩව දඩාර ට්‍රැක්ටරේ නග්ගල තියල අම්ම තාත්ත කොහේ හරි ගිහින් වගෙයි කියල.. ඇත්ත ඒක නෙවෙයි..

ඊ ලඟට යන තැනම කෑම උයන ශෝ එකක්..ඕන්න නියම තැන..



මමත් පුටුවක් උඩ වාඩි වෙලා උයන හැටි කියල දෙනව බලා හිටියා.පැස්ට හදනව හෝ ගාලා..හ්ම්ම්ම්ම්.. ශෝ එක ඉවරයි..මෙන්න හදපු පැස්ට බෙදා ගෙන බෙදා ගෙන යනව ..



රසට හදල තිබුනා..ඒක කාල ඉවර වෙලා..මම පොඩ්ඩක් ඇවිදල බැලුව හැමතැනම
ආයිමත් ඇවිල්ල බලන්න ඕනි තැන් ටික නෝට් කර ගනිමින්ම..

මේකට වියදම් කරපු රු. 40 පාඩු කර ගැනත් බැහැනෙ..
 මෙන්න එඩ්නා එකේ ස්ටෝල් එකේ ප්‍රොමෝශන්
එකක්.. හැම එකක්ම 10%ක් අඩුවෙන්.. රු.300 ට වඩා ගත්තහම තෑග්ගක් අනිවා දෙනව.. ටී ශර්ට්, මග්, අරව මෙව්ව... මන් කලේ ගත්ත ඩාක් චොකලට් එකක්..ඒක ලබන සතියෙලු මාර්කට් එකට දමන්නෙත්..රු300 වෙන්න ගත්ත තව පොඩි චොකලට් කීපයකුත්..දැන් ඉන්නව තරගෙට පෝලිමෙ
ඔය අතරෙ මගෙ ඇතුලෙ ඉන්න එකා මට කියෝනව..

පෙරේත කමට ගත්ත වගෙ නෙවෙයි ඔය ටික සේරම තනියෙන් හෙම කනව නෙවෙයි

ඇයි

හැයි ගාන්නෙ.. හිතා ඉන්නෙ කොල්ල කියල දැන් හතලිහයි..ඔව්ව කාල සීනි එහෙම වැඩි කර ගන්නව නෙවෙයි

හරි හරි මන් බෙදා හදා ගෙන කන්නම්කො

කා එක්කද

කවුරු හරි එක්ක

එහෙම තමයි ඊයෙ අඹ ගෙඩි 10ක් ගත්තෙත් අන්තිමෙ

ච්චක්..ශට් අප්

මන් එහෙමයි ඒකව සරෙන්ඩර් කරල තියා ගන්නෙ..නැත්නම් මට ඕනි විදියට ඉන්න දෙන්නෙම නැහැ..ඇඟිලි ගහනව වැඩියි දැන් ලඟක ඉඳල මගේ නිදහසට..

මට ඉස්සර වෙලා හිටියෙ අම්මෙක් තාත්තෙක් සහ දරුවො තුන් දෙනෙක්.. පොඩි එකා අත දමල ගත්ත ඒ ගොල්ලන්ට අදාල තුන්ඩුව.. සර්වියට් පැකට් එකක් තෑග්ග..තාත්තගෙ මූන ඇඹුල් උනා..

"මන් කිව්වනෙ එපා කියල .. අපරාදෙ සල්ලි"

අර පොඩි උන් තුන් දෙනායි අම්මයි ත් මූන චොර කරගෙන එතනින් එලියට ගියා. සල්ලි අපරාදෙ නැහැ..චොකලට් ටික තියෙනවනෙ..අපරාදෙ අර මිනිහ තව හතර දෙනෙකුගෙ හිත කැඩුව වචන හයකින්.. මටනම් මොක තිබ්බත් සතුටින් භාර ගන්නව.

"ගන්න සර්"

හිනා මුහුනින් මට කියල ප්ලාස්ටික් භාජනයක් පෙන්නුව..එකේ චූටිවට රෝල් කරපු තුණ්ඩු ගොඩාක්..මමත් එකක් අත දමල අර ගත්ත..

මෙන්න මට ලැබිච්ච තෑග්ග..නරකම නැහැ


පොඩි ඇඩ්වර්ටිස්මන්ට් පාරක් වගෙ යනව මේ පෝස්ට් එකනම්.. කමක් නැහැ.. සිද්ධ උනදේනෙ..

මේ ප්‍රදර්ශනෙ වෙච්ච තව දේවල් ටිකක් තියෙනව ඒක තව සැරයකට තමයි දමන්න වෙන්නෙ..මොකද පොඩ්ඩක් බිසි වෙන්න වෙලා තියෙනව.. ඒ නිසා.. ආයිමත් හම්බ වෙමු..

9 comments:

  1. ඔයාට නම් නියමයි.අල්ලපු වැටේ නේ.මමත් ආසයි එහෙම ප්‍රදර්ශණ බලන්න යන්න.ඒත් යන්න වෙන්නෙ නෑනේ.

    ReplyDelete
  2. අර ඇතුලෙ ඉන්න එකා මල ඇනයක්නෙ වෙනී.කොහොම හරි ඉතුරු ටිකත් ලියන්න. මමත් හරි ආසයි ඔය ජාතියෙ ප්‍රදර්ශණ බලන්න.

    ReplyDelete
  3. @ නදී - සහ ඩූඩ් - එන්න දෙන්නම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනේට ලබන මාසෙ 11-25 වගෙයි මගෙ මතකයෙ හැටියට තියෙන්නෙ..මම හැමදාම වගේ ඒකට නම් යනව
    @ඩුඩ් - ඔව් අප්පා ඒකා මේ ළඟදි ඉඳන් මං කරන්න හදන එව්වට හරස් කපනව වැඩියි..හැබැයි මගේම හොඳට තමයි..

    ReplyDelete
  4. පොත් ප්‍රදර්ශනේ මතක් වෙනකොට දුකේ බෑ අප්පා,, ඒක නෙමේ ඔය යන යන ප්‍රදර්ශන ගැන විස්තර ඔක්කොම ලියන්නකො අපිටත් දැන ගන්නම

    ReplyDelete
  5. බලාගෙන යනකොට Weni ත් මට වඩා චුට්ටනෙ බාල. ඔව්..වොව්...40 පනිනකොට සීනි විතරක් නෙමේ, තෙල් පිටි දෙකත් අඩු කොරල දැම්ම නං හොඳා. චොකලට් වල සීනිය්, තෙලුය් දෙකම සෑහෙන්න තියෙනව. හැබැය් ඕව ඔක්කොම කැපෙනව මද්‍යසාර කියන ජාතිය චුට්ට වෙන්න පාවිච්චි කලොත්.

    ReplyDelete
  6. පිණි - හා මන් ලියන්නම්.. මේකෙ ඉතුරු ටිකත් ලියන්නම්..ඇයි පොත් එකට එන්න බැරිද?
    @ ඔබ්සර්වර් අයියා.. මගෙ එකේ තියෙන්නෙ ඇත්තම විස්තර තමයි.. මන් හිතුවෙ දන්නව කියල..හැබැයි 40 ඉඳන් 50ට අවුරුදු 10ක් තියෙනෝ... හොඳේ...

    ReplyDelete
  7. 50 නෙමේ දැන් 58 ත් පැනල.

    ReplyDelete
  8. හෙලෝ ඔබා. ෆොටෝ එක වෙනස් කරල නේද? කොහෙද ඔය ඉඳන් ඉන්නෙ ටොයිලට් එකේ වගේ පේන්නෙ.
    henryblogwalker aka Dude

    ReplyDelete
  9. මම තෙ බොන්නෙත් ඔය එකක...

    ReplyDelete